Skip navigation

හිතන්නට ලැබීම වාසනාවකී. හිතෙන දේ ලියන්නට ලැබීම භාග්‍යකී. කොලූටද, අපේ පරම්පරාවේ අනෙකුත් උදවියට වාගේ, ඒ භාග්‍යය ලැබුනේ ටිම්-බර්නස් ලීට පින් සිදුවන්නය. කොලූ ලීවේ රට හදන්නට නොවේ. රට රකින්නට නොවේ. ප්‍රචාරණයට නොවේ. මුදල් උපයන්නට නොවේ. ලීවීමේ රසය උදෙසාමය. සිතනා දේ ලිවීමේ රසය සියලු දෙනාටම එකහා සමානව ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට ලැබෙන්නේ මේ දශකයේය. මානව ඉතිහාසය වසර ලක්ශ දෙකක් පමණ පැරණිය. සමහර සමාජයන් තවමත් මේ වෙනසට හුරු වී නැත.

යමකට විරුද්දව එල්ල වන්නේ කුමන විරුද්දතාවයද, ලැබිය හැකි උපරිම විරුද්දතාවය කොලූගේ ලිවීමට ලැබුන නිසා, ලිපි ලිවිම, අදහස් ප්‍රකාශණය නවත්වා, සිංහල අකුරෙන් සමූගැනීමට කොලූ තීරනණය කෙරෙමි. යෝදයන්ගේ යුද්දය අවසානයේ, කුරුමිටියන්ගේ යුද්දය ආරම්බ වී ඇත. විරුද්දතාවය සාදාරණය. අවංකය. කන්දිය යුතුමය.

මේ සමුගැනීමේ ලිපිය ලියන්නේ, කොලූගේ තීරණයට අනෙකුත් බ්ලොග් ලේඛකයන්වත්, අනෙකුත් ලිපියන්වත් අඹමල් රේනුවක් තරමකවත් හේතුවක් නොවූ බව කීමටය. සිංහල බ්ලොග් අවකාශයේ සියලුම ලිපියන් රසයක්ම වූ යේය. අලුතෙන් සිතීමට යමක්ම ලබා දුන්නේමය. විනෝදයක්ම වූයේය. ලිවීමට අවස්ථාවක් නැති සිතුවිලි, වේදනාවක්ම වෙන බව නිසකය. හඬ නොනැගෙන ඇඩීමක්ම වෙනු ඇත.

28 Comments

  1. //ලැබිය හැකි උපරිම විරුද්දතාවය//

    මට තේරුනේ නැහැ.

    දිගටම ලිපි රස විඳපු නිසා නවත්තන එක ගැන එච්චර සතුටක් නැහැ. පුලුවන් නම් දිගටම ලියන්න. කොලූගේ ශෛලිය තිබුනේ කොලූ ඇතුලු මම දන්න බ්ලොග් කරුවො දෙදෙනෙකුට විතරයි.

  2. කිසිම භේදයක් නැතිව වදින තැන්වලට හොඳට වදින්න පහර දුන් කොලූගේ සමුගැන්ම පාඩුවක්

  3. Yanna Epa Koluwo

  4. මඟුලක් කතා කරනවා….

  5. If you dont enjoy writing anymore – then it is better to bid farewell.

    If you really want to write, then, you will return to writing one day.

  6. Well, Kolu did his role, lets say well done!! some times pushing limits bit too fast… And now some one else will emerge, taking the baton form him, that is how dissent survive and it has to …
    as Kathandara says if dissent is in your heart you can not be silent in this epoch making time, I mean north African social change…

  7. I really enjoy reading your blog…Thanks Kolu….Hope you will come back again one day…

  8. හැකිනම් තීරණය වෙනස් කරන්න.

  9. නැවත ලියන්නේ නැතැයි තීරනය කලවිට එයම විරුද්ධවාදීන් ගේ අභිප්‍රාය සැපිරීමක් නොවේ ද?

  10. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වෙච්චි එවුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දීල තියෙනවා. සිංහලයාට, බෞද්ධකමට, මේ රන් දෙරණට එරෙහි වන අනෙක් එවුනුත් ලෑස්ති වෙලා හිටපියව් මේ කර්මය උඹලා පිටිපස්සෙත් එනවා එනවාමයි.

  11. ඉහත කොමෙන්ටුව මාගේ identity එක සොරකම් කරගත් ටැබුවා හෝ beyond frame විසින් දමන ලද්දකි.

  12. අන්තිමේදි කියවන්න ඉතිරි වෙලා තියෙන බ්ලොග් සේරම නැති වෙලා යයි වගේ. මේක සිංහල අකුරු සම්බන්ධ ප්‍රස්ණයක්නම් ඉංගිරිස් අකුරු වලින් ලියන වග අපට කියන්න…

  13. ලොකු දෙයක්.

  14. ඔන්න දැන් ටාබුවාගේ බ්ලොග් එකත් හැක් වෙලා තියෙන්නේ.

  15. කොලූගේ ලියමන් නැති පාඩුව විඳගන්න උත්සාහ ගන්නම්.

  16. Kolu, you are going to be missed! Despite all your vulgar language, I sensed that you are someone with a refined upbringing. Perhaps the only time that you use filth is when you write as “Kolu”.

    Your humor was wee bit too advanced for some of the readership, who did not sometimes “get” what you actually wrote. Therefore you have been misunderstood by some.

    I hope you will come back. May be as a different character than Kolu… you should not stop writing. May be you can come back with a different style.

    Jaya Wewa!

  17. ඉහත මගේ නමින් සඳහන් සියළු කොමෙන්ටු මාගේ identity එක සොරකම් ‍කොට දමන ලද ඒවා වේ.

  18. ඉහත මගේ නමින් සඳහන් නොවන සියළු කොමෙන්ටුද මාගේ identity එක සොරකම් කොට නොදමන ලද ඒවා වේ.

  19. ඇතැම් අවස්ථාවලදී අපට වටිනා දේවල් කීපයක් අතරින් වඩා වටිනා දේ තෝරාගන්න වෙනවා.
    ඔබේ සමුගැන්ම පාඩුවක් කොලූ.

  20. Who is this effin Kanishka Dilshan? Do you think you are a friggin big shot? Everyone has right to express what ever they feel.

    A’holes like you are responsible for people quit blogging. Taboo and Kolu were two of the blogs I read regularly. Now both are gone.

    Shame on you idiots.

  21. We gonna miss you Kolu.
    I may not agree with somestuff you wrote, but your style is unique. Your site is one of the very few sites I checked on daily basis.
    Anyway ultimately its your decision…
    best of luck mate!!

  22. dissident blogs mese offline weema itha kanagatuwata karunaki.. obata athiwuu prashnaya kumakdai pahadili karanne nam sthuthiwantha wemi.. sathiyak athulatha oba saha taboo dedenama blog awakashayen iwath weema daraa gatha nohaki paaduwaki..

  23. Koluge samuganeema raalatanam sathutu danawana kaaranayaki. apita ape jaathiwaadi arangalaya idiriyatath kireemata pituwahalaki

  24. ඉතාම ආශාවෙන් කියැ වූ කොලූ ගේ ලියමන් නිමාවකට යන බව ඇසීම මහත් ම කණගා‍ටුවක් ගෙන දෙන්නක්. ඔබේ ලිවීමේ හැකියාව ඉතාම ඉහලයි. එසේම ඒ හැකියාව ඔබ භාවිතා කළේ උසස් දර්ශනයක් සහිතව. විශේෂයෙන්ම බුදුදහමේ ඉගැන්වෙන උසස් හරයන් හා බුදුදහමේ නූතන අයිතිකාරීත්ත්වය සියතට ගෙන එය ‘රකින්නට’ තැත්දරන්නන් තුලින් ප්‍රකටවන පරස්පරය ඔබ ඔබේ උසස් නිර්මාණ හැකියාව භාවිතා කරමින් සියුම් ලෙස උපහාසයට ලක් කළා. සාහිත්‍ය රසාස්වාදය පිළිබඳ දැනුමක් නැති වියලි මිනිසුන්ට ඒවා කුණුහරුප සේ පෙනෙනු ඇත. ඇත්තවසයෙන් ම බුදුදමේ එන මූලික හරයන් ද එබඳු මිනිසුනට කුණුහරුප ය.

    ඔබේ ලිපියේ අවසාන වාක්‍ය 2 මේ තීරණය ඔබ ගන්නේ කැමැත්තකින් නොවන බව සහ වේදනාවකින් යුතුව බව පැහැදිලිවම කියා හිටිනවා. ඔබේ හැකියාව වෙනත් ආකාරයකින්, වෙනත් ස්වරූපයකින් අප අතරට නැවත පැමිණේවි යැයි අපෙක්ෂා කරනවා. ඒ ඉල්ලීම කරන්නේ ඔබ ඉතා උසස් ලේඛන හැකියාවක් සහිත, ජීවන දැක්මක්, දර්ශනයක් සහිත දක්ෂ පුද්ගලයෙකු වන නිසයි. සුබපතනවා කොලූ.

  25. This is really sad, scary, incomprehensible and infuriating. Will miss your blog Kolu. Fervently hope you will start writing again.

  26. ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. ඒත් මේ විදියටම ලියන බ්ලොගක් නිසා උඹ ඌ වෙන්න පුලුවන් කියලත් හිතනවා. එහෙමනම් උඹ ඒකෙන් හරි උඩට එන එක ගැන සතුටුයි. ජය වේවා!

  27. Pala yanna. Aye nam enna epa. thoge namenma penawa to kolu karayek kiyala. pala pala denmama pala.


Leave a reply to Hasitha Cancel reply